-5.9 C
New York

රාජගිරියේ අනතුරකින් SI සහ තවත් අයෙක් මරුට

Published:

රාජගිරියේ දී අද (23) උදේ සිදුවූ රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි 52 හැවිරිදි නිලධාරියෙකි. රාජගිරිය ආයුර්වේද වටරවුම සහ ගුවන් පාලම ආසන්නයේ මාර්ග බාධකයේ පොලිස් නිධාරීන් සිටිය දී අධික වේගයෙන් පැමිණි වෑන් රථය ඔවුන්ගේ ගැටී තිබේ. මියගිය නිලධාරීය එම පොලිස් කණ්ඩායම භාරව සිටි බවත් ඔවුන් එම අවස්ථාවේ වාහන පරීක්ෂා කරමින් සිටි බවත් අජිත් රෝහණ පවසයි.

වෑන් රථය පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරමින් සිට ඇති අතර එහි රිය සහායකයා ද වෑන් රථයේ ගැටීමෙන් මරුමුවට පත්ව තිබේ.

වෑන් රථයේ රියදුරා තලවතුගොඩ පදිංචි අයෙකු බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img