පොළොන්නරුවේ ඇලහැර, වැළිකන්ද ප්‍රදේශවල ගොවීන්ට තම වී ඇස්වැන්න වේලාගත නොහැකිව ගැටලු රැසක් මතුව තිබේ. ඔවුන් පවසන්නේ වී අළෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ දී තෙතමනය 14% වඩා අඩු මට්ටමක තිබිය යුතු බැවින් වී වේලීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි.
එමෙන් ම මෙවර ගොයම් පැසීගෙන එන කාලයේ දී වැසි ඇතිවීම හේතුවෙන් අස්වැන්නේ වැඩඩි ප්‍රතිශතයක් බොල් වී බවට පත්ව තිබීම ද ගැටලුවක් බව ඔවුහු පෙන්වා දෙති. වී වේලා ගැනීම සඳහා ගොවීහු ඇලහැර ගිරිතලේ ප්‍රධාන මාර්ගය භාවිතා කරති. මේ ඔවුන් පවසන්නේ ගොවි සංගම් මට්ටමින් හෝ කොන්ක්‍රීට් කරන ලද කමත් ලබා දීමට රජය මැදිහත් වන්නේ නම් මේ ගැටලුව විසඳෙන බවයි. මහ මඟ වී වේළිමේ දී එම මාර්ගයේ ගමන් කරන ඇතැම් වාහන රියදුරන් ගොවීන් හා අස්වැන්න ගැන නොතකා වාහන ධාවනය කිරීම ද සිදුවන බව ඔවුහු කියති. මහා මාර්ග වී වේලීම සඳහා භාවිතා කිරීම වරදක් වුව ද වෙනත් විකල්පයක් නොමැති බැවින් එසේ කරන බව ගොවීහු කියති.
ඇලහැර ගොවිජන එකමුතුවේ කැඳවුම්කරු මධුර ශ්‍රීපාලි ප්‍රියරත්න මෙසේ පවසයි.

“වී වේලාගැනීම මේ ගොවීනට බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. වී අළෙවි මණ්ඩලය වී ගන්නේ තෙතමනය 14% වඩා අඩු අගයක තිබෙනවානම් පමණයි. මේ නිසා වී වේලන්න අවශ්‍යයි. අපිට මේ සඳහා තිබෙන එකම ස්ථානය මහ පාර. ඒ නිසා ගොවීන් උදේට පාරට ඇවිත් වී වේලන්න පටන් ගන්නවා. මෙය වරදක් බව දැන දැනත් වෙන විකල්පයක් නැහැ. අපි රජයෙන් ඉල්ලා සටින්නේ රජයේ ඉඩමක් හෝ බිමට කොන්ක්‍රීට් යොදා වී වේලාගැනීමට සුදුසු විදියට සාදා දෙන්න කියලා. වී අළෙවි මණ්ඩලයට අවශය තෙතෙමනය තිබෙන පරිදි වී වේලාගන්න බැරි වුණොත් ගොවීන්ට සිදුවෙන්නේ මේ වී පුද්ගලික මෝල් හිමියන්ට අඩු මුදලට අළෙවි කරන්න. අන්තිමේ දී ගොවින් කබලෙන් ලිපට වැටෙනවා. ණය ගෙවාගන්න බැරි වෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකරන්න කියා ඉල්ලා සිටිනවා.”
(රුමේෂ් මධුශංක)




