-2.1 C
New York

පිළිකාවක් සමඟ සටන් කළ බව හිටපු ජනපතිනිය කියයි

Published:

තමන් පිළිකාවක් සමඟ සටන් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග “ලේඩි ලීඩර්” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ. ඇය කියා ඇත්තේ තමන් රාජ්‍ය නායකත්වයේ ධූර කාලය අවසන් කළ පසු ඇතිවූ ආතතිය සමඟ මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි.

තම පාලන කාලයේ දී සමීපව සිටි අය පවා ධූර කාලය අවසන් වූ පසු තමන් නොසළකා හරිමින් පසෙකට දමමින් කටයුතු කළ බවත් එවැනි තත්ත්වයක් හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ද අත්විඳින්නට සිදුවූ බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම සම්මුඛ සාකච්ඡාවේ දී පවසා ඇත.

ඇය අනාවරණය කර ඇත්තේ තම ධූරයෙන් ඉවත් වී වසර හයකට පමණ පසු පළමු අදියරේ පියයුරු පිළිකාවක් හඳුනාගත් බවයි. විකිරණ චිකිත්සා මගින් එය සුවකරගැනීමට හැකිවූ බව ද ඇය පවසන්නීය.

Related articles

Recent articles

spot_img