-5.9 C
New York

ගාල්ල නගරයේ වැටී මියගිය පුද්ලයාට කොරෝනා. ප්‍රශ්න ගොඩක් මතුවෙයි

Published:

ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඊයේ (21) මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුරේ පදිංචිව සිටිය දී නිවසින් අතුරුදන්ව සිටි 72 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. එම පුද්ගලයා ආගිය අතක් නැතැයි සති කිහිපයකට පෙර පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබිණි.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණිආරච්චි පවසන්නේ ඔහුගේ මරණය සිදුව ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකින් බවයි.

මෙම පුද්ගලයා නිවසින් පැන ගොස් කවර ප්‍රදේශවල සංචාරය කර ඇත්දයන්න පිළිබඳව හෝ ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ හෝ සොයාගත නොහැකිවීම බරපතල ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img