-5.2 C
New York

කෙසෙල් ගෙඩියක් නිසා ජීවිතයක් අහිමිවෙයි

Published:

කෙසෙල්ගෙඩියක මිල වැඩි යැයි කියමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හෝටල් සේවකයකු මියගොස් ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි.

මෙලෙස මයිගොස් ඇත්තේ කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයක සේවකයෙකි.

එම හෝටලයට පැමිණි පුද්ගලයකු වෙළෙඳ සැල් හිමියාගෙන් කෙසෙල් ගෙඩියක මිල විමසා ඇති බවත් ගෙඩියක් රුපියල් 30.00ක් බව පැවසීම හේතුවෙන් උරණ වී හෙතෙම ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවත් පොලිසිය කියයි. හෝටලයේ ආහාර තැබූ රාක්ක පවා පෙරළා දමන ඔහු එතැනින් නික්ම ගොස් බෝතලයක් රැගෙන පැමිණ එය කඩා සේවකයන්ට පහර දීමට උත්සාහ ගැනීමේ දී හෝටල් සේවකයන් දිවගොස් ඇත. ඔවුන් දුරකථන අළෙවි සැළකට දිවගිය අවස්ථාවේ දී එහි ඇතුළුවන එම පුද්ගලයා සේවකයකුට බෝතල් කැබැල්ලකින් ඇන බරපතල තුවාල සිදුකරන අයුරු ද සීසීටීවී කැමරාවල සටහන්ව තිබේ.

පොලිසියට පවසන්නේ තුවාලකරු රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බවයි. එම ඝාතනය සිදුකළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img