spot_img
spot_imgspot_img

ශෂේන්ද්‍ර රාජපක්ෂ ගිය වාහනය ඇළක ගසාගෙන යයි

පුවත්

විදෙස්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ගමන් කරමින් සිටි ජීප් රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරමින් සිටිය දී ඊයේ (21) සවස ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී ඇමතිවරයා මෙම අනතුරට ලක්ව ඇත. ඇමතිවරයා එම අවස්ථාවේ දී මොණරාගලට යමින් සිටි බවත්,  අධික වර්ෂාව හේතුවෙන් පුබ්බාර ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඇමතිවරයා සහිත වාහනය බේරාගෙන ඇති අතර අනතුරින් ඇමතිවරයාට හෝ කිසිවෙකුට තුවාල සිදුව නැතැයි ද වාර්තා වේ.

ශෂේන්ද්‍ර රාජපක්ෂ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වෙයි.

(ඡායාරූපය අන්තර්ජාලයෙන් ගනු ලැබූවකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!