6.3 C
New York

රන්ජන්ගේ ඉල්ලීම ඉවතට

Published:

අධිකරණයට අපහාස කළ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුම් නියම වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක විසින් නීතිඥයකුගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

රන්ජන් රාමනායකට පසුගිය ජනවාරි 12 වැනි දා සිට බරපතල වැඩ සහිතව වසර 04ක සිර දඬුවමක් නියමව තිබේ. එම මෝසම තුළින් ඔහු ඉල්ලා සිටියේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් පුද්ගලයකුට නියම වන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ නීතිමය හිමිකම් පවතින බවයි. මේ සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසත් එම අභියාචනය පංච පුද්ගල හෝ ඊට වැඩි විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සළකා බලන ලෙසත් ඉල්ලා තිබිණි.

අගවිනිසුරුවරයා විසින් එම මෝසම සළකා බැලීමට විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කර තිබූ අතර එම විනිසුරු මඩුල්ල විසින් රන්ජන් රාමනායකගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Related articles

Recent articles

spot_img