spot_img
spot_imgspot_img

සිංහරාජය කැලේ මැද වැව් දෙකක් හදා ගිරුවාපත්තුවට ජලය දෙන ව්‍යාපෘතියක්

පුවත්

විදෙස්

සිංහරාජ වනාන්තරයේ ඇතුළත වැව් දෙකක් ඉදිකර ගිං ගඟේ ජලය සහ නිල්වලා ගඟේ ජලය ගිරුවාපත්තුවට ගෙන යන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඊයේ (22) වීරකැටියේ පැවැති උත්සවක දී කීවේය.

අමාත්‍යවරයා පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන සමාගමට මුදල් පවා ලබා දී අදාල පියවර ගෙන තිබූ බබවයි. ඔහු එහි දී වැඩිදුරටත් මෙ‌සේ ද කී‌ේවය.

“මේ ව්‍යාපෘතිය පසුගිය අවුරුදු 05 දී නවතා දමා තිබුණා. අපි තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල හා දඹරැල්ල ප්‍රදේශවලට ගිරුවාපත්තුවට පානීය ජලය ගෙන ඒමට ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ඉහළින් ජලය ලබාගන්නවා. මේ සඳහා සිංහරාජ කැල ඇතුළේ අක්කර 05ක් බැගින් කුඩා ජලාශ දෙකකට කැලේ යටවෙනවා. සිංහරාජය කියන්නේ අධි ආරක්ෂිත කලාපයක්. කැලේට ඇතුලුවෙන්න තියා ගහක ඇටයක්වත් අහුලගන්න බැහැ. මේ ගැන අපි අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපි යෝජනා කර තිබෙනවා අහිමිවන අක්කර ගණනට වඩා අක්කර 50ක් 100ක් පමණ අලුතෙන් කැලයක් වවලා දෙන්න. ඒ වගේම රබර් වගාවත් වන ආවරණයට අයිතියි. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයත් රබර් වගාවට සුදුසුයි. ඒ නිසා අපි රබර් වවන්න සැළසුම් කරනවා. ඉන් ඔබට අමතර ආදායමක් ගන්නත් පුළුවන්.”

සිංහරාජයේ පිහිටි ලංකාගම දක්වා නෙළුව සිට මාර්ගයක් ඉදිකිරීමේ දී පරිසර සංවිධාන එල්ල කළ බරපතල චෝදනාවක් වූයේ ගිංගඟේ ජලය හම්බන්තොට දක්වා හැරවීමේ ව්‍යාපෘතිය සඳහා පිවිසුම් මාර්ගයක් ලෙස එම මාර්ගය සංවර්ධනය කරන බවයි. එවැනි ව්‍යාපෘතියක් සඳහා මේ මාර්ගය ඉදිනොකරන බවත් මාර්ගය ඉදිකරන්නේ ගමේ ජනතාවගේ ඉල්ලීම සඳහා බවත් රජය ප්‍රකාශ කළේය.

එසේ වුව ද චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්ක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල අභියෝගක් වී ඇත්තේ ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිවීමයි. ඒ සඳහා උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ද ඉන් අපේක්ෂිත ජල ධාරිතාව නොලැබීම හේතුවෙන් ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපාතිය ක්‍රියාත්මක කර හම්බන්තොටට ජලය ගැනීමට යෝජනා කෙරිණි.

මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක වුවහොත් ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවගේ ජල අයිතීන් උළ්ලංඝනය වීඹ ශෘ ඔවුන් ජල අර්බුදවලට ගොදුරුවීම පිළිබඳ කිසිදු සළකා බැලීමකින් තොරව ව්‍යාපෘතිය සැළසුම් කර ඇතැයි විවිධ සංවිධාන චෝදනා කරයි.

එමෙන් ම සිංහරාජ වනාන්තරය යනු ප්‍රාග් ගොන්ඩ්වානා යුගයේ සිට පැවතඑන ප්‍රාථමික නොයිදුල් වනාන්තරයකි. එවැනි වනාන්තරයක් කපා ඊට වන්දි ලෙස නැවත වන වගා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි නීති විරෝධී ව්‍යාපෘතියක් බව පරිසරවේදීහු චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!