-4.8 C
New York

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු රැසක් නිරෝධායනයට

Published:

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු රැසක් නිරෝධායනයට ලක්කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙයට හේතු වී ඇත්තේ පසුගිය 17 හා 18 දෙදින රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය කලාපයේ විදුහල්පතිවරු සඳහා ඌරන්වල පුද්ගලික උත්සව ශාලාවක පැවැත්වූ අධ්‍යාපන පුහුණු වැඩමුළුවකි. කොරෝනා ආසාදිත බව ඊයේ (21) තහවුරු වූ වල්ලඹගල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය ද 18 වැනි දා එම වැඩමුළුවට සහභාගී වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ ඇය එම වැඩමුළුවට සහභාගීවන අවස්ථාව වනවිට ද අසනීප තත්ත්වයෙන් පසුවූ බව අනාවරණය වී තිබෙන බවයි.

එමෙන්ම මෙම වැඩමුළුව සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම්වත් කර තිබී නැත. එම වැඩමුළුවට සහභාගී වූ සියළු දෙනා නිරෝධායනය කරන ලෙස ගාල්ල වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට උපදෙස් දී ඇති බැවින් එම කාර්යය සඳහා මහජන පරීක්ෂකවරයකු ද පත්කර තිබේ.

අප ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසන්නේ ඉහත වැඩමුළුව සඳහා විදුහල්පතිවරු 60ක පමණ පිරිසක් සහභාගී වූ බවයි. වැඩමුළුව පවත්වා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයකින් බැවින් එම වැඩමුළුවට සහභාගී වූ විදුහල්පතිවරුන්ගේ නාම ලේඛනය අද (22) ලබාගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Related articles

Recent articles

spot_img