spot_img
spot_imgspot_img

මාස ගණනක වැටුප් ඉල්ලා ඇළහැර ව්‍යාපෘතියේ සේවකයෝ උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතියේ සේවකයන්ට මාස කහිපයකින් වැටුප් දී නැතැයි කියමින් සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.

මෙම සේවකයන් පවසන්නේ ඇලහැර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන CML ආයතනය තම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් මහවැලි අමාත්‍යාංශයට පැමිණිලි කළ ද ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවූ බවයි. Walkers CML සමූහයේ ඉංජිනේරු හා ඉදිකිරීම් ආයතනයක් වන CML-MTD ආයතනය ඇළහැර ව්‍යාපෘතියේ ඉඳිකිරීම් ආයතනය වෙයි.

ඇලහැර ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල දී වරකට කැණීම් කළ හැක්කේ මීටර 50ක් පමණක්යැයි වනජීවී දෙපාර්ත‍මේන්තුවේ මාර්ගෝපදේශවල සඳහන් කර ඇතත් ප්‍රදේශවාසීන් පවසන්නේ ඇළහැර ඇළ ඉදිකිරී‍මේ දී පාරිසරික නිර්ණායක ඉක්මවමින් මහා විනාශයක් සිදුකරමින් පවතින බවයි. මේ හේතුවෙන් වන අලි බහුලව ජීවත්වන වනාන්තර පද්ධතියක් ද විනාශ වන බව ඔවුහු චෝදනා කරති.

මෙම ව්‍යාපෘතියේ සේවය කරන උද්ඝෝෂකයන් පවසන්නේ තම වැටුප් මාස ගණනක් නොගෙවුව ද වෙනත් ව්‍යාපෘතීන් දැනටමත් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි. මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු විය යුතු බවත් තම වැටුප් නොලැබුණහොත් දරුවන් සමඟ දිවි නසාගැනීමට සිදුවන බවත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කීහ.

ඔවුන් පවසන්නේ මෙලෙස වැටුප් නොලැබී ඇති පිරිස 100ක් පමණ වන බවයි.

(රුමේෂ් මධුශංක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!