පුද්ගලයන් 14 දෙනකුට මරු කැඳවමින් පස්සර දී බස් රථයක් පෙරැළී ගිය මොහොතේ දී සියලු පුද්ගලයෝ ජාති ආගම් වැනි පටු බේද අමතක කරමින් නියම ශ්‍රී ලාංකිකයන් ලෙස හැසිරුණු ආකාරය බදුල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ විසින් තම facebook ගිනුමේ සටහනක් තබා තිබිණි.
ඒ අපූරු සටහනෙන් දක්වා ඇත්තේ ජාති ආගම් බේද නිර්මාණය කරන්නේ දේශපාලකයන් බව මේ අනතුරින් මනාව පෙනී ගිය බවයි.
පහතින් දැක්වෙන්නේ ඒ සටහනයි.
පාන්දරම වෛද්‍ය සමරබන්දුගෙන් ඇමතුමක්..
මචෝ බස් එකක් පෙරළිලා සැහෙන්න ඩැමෙජ්..
,,,,,,,,,,,,
ඉක්මනින්ම වරෙන් ,,
මාගේ ඇමතුම රෝහලේ අධ්‍යක්ෂක වෙතය.. පස්සර අනතුරක් ඉක්මනින්ම යන්න ඕනේ. මා කෙලින්ම හදිසි ප්‍රතිකාර ඒකකයට ගියෙමි. සැණෙන් උපකරණ කාර්ය්මන්ඩලය සූදානම්. චින්තක සැනෙන් මා ලගය. සචිත් සියලූම පණිවිඩයන් ලබාදෙමින්.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍ය කාර්ය්මණ්ලඩ 100ක් පමණ සූදානම්ව මාත් චින්තකත් ගිලන්රථ 5-6 වහාම පස්සර බලා. රියදුරන් දැඩි අවදානම් එහෙත් වේගවත් , ආරක්ෂාකාරි ගමනකය.
පස්සර රෝහල උපරිමයෙන් වැඩ.. අපිත් වැඩ ඇරඹුවෙමු එහෙත් ගෙන එන බොහොමයක් මළ සිරුරුය.. සහයට තවත් වෛද්‍යවරුන් , හෙදියන් පිරිසක් පැමිණිනි. දැන් අනතුර ළඟට යායුතුය. ආයෙත් රියදුරන් වේගවත් ගමනක.
විනාශයකි.
මීටර් 250-300 පහළ ප්‍රපාතයේ යකඩ කැබලි ගොඩකි. පහළට බැසීම ද විසල් අනතුරකි. මා හෘදයාබාධ 2 ක් වැලදුනු අයෙක්මි. දකුණු දනහිස ආබාධිතය.
එහෙත් යායුතුය. කිලෝ 25-30 ක් බර බෙහෙත් බැගය රැගෙන බුද්ධික පිටුපසින්. 400-500 ක් මිනිස් අත්වැලකි..
අත්මතින් සිරුර , රෝගීන් ඉහළට. කබයක එල්ලී , අත්වල සහයෙන් පහළට. ඉහළින් පෙරලුනු ගල් කිහිපයක්. නූලෙන් බේරුනමුත් එක් අයෙකුගේ කකුල බිදී ගියේය. බේරාගත හැකි සියලූම දෙනා සුරක්ෂිතව ඉහළට. දැඩි වෙහෙසක් ගෙන අපිත් නැවත ඉහළට.
අත්වැලේ තම්බ්, දෙමලු ,සිංහලයෝ එකටය..
වතුර දෙමළාගෙනි.
බනිස් තම්බියාගෙනි.
තේ එක සිංහල එකාලගෙනි.
සියලූම දෙනා එකම අරමුණකය..
ජාතිය, ආගම එතන නැත..
මේ බෙදීම් දේශපාලුවන් ගේමය.
උන්ගේ හෙන්චයියන්ගේ මය
උන්ගේ පැවැත්ම වෙනුවෙන්මය.
කෙසේවෙතත් සැබෑ මිනිසුන් දුටුවෙමි ..
ස්තුතියි නුඹලාට …..
ණයගැතියි නුඹලාට ..
මේ වෛද්‍යවරයා විසින් ම තවත් තැනක තැබූ සටහනකි මේ
අපි එන්න ප්‍රමාද උනේ නැහැ.
එත් නුඹලා යන්න ඉක්මන් උනා.
අපි උත්සාහ කලා බොහොමයක්.
නුඹලා උත්සාහය අත් හැරියා මිනිසුනේ.
