සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් 474 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
මෙම ආසාදිතයන් පිරිස හමුවී ඇත්තේ එහි සේවකයන් 1200ක් සඳහා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලිනි.
නඩත්තු කාර්යයක් සඳහා තාවකාලික සේවකයන් 400ක් පසුගිය දා බඳවාගෙන ඔවුන්ට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති බවත් ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් දී තිබිය දී එම උපදෙස් නොතකා ඇති බවත් උපුල් රෝහණ පවසිය. එම සේවකයන්ට කළ ඇන්ටිජන් පරීක්ෂණවලින් තිදෙනකු ආසාදිත බව හඳුනාගෙන ඇතත් ඒ පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම්වත් කර නැත.
තෙල් පිරිපහදුවේ සේවකයන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙත ලබාදුන් තොරතුරකට අනුව එහි ගොස් සේවකයන් පිරිසකට කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා ආසාදනය වූ 20 දෙනකු හඳුනාගෙන තිබිණි. එම ආසාදිතයන් හඳුනා ගැනීමත් සමඟ සේවකයන් 1200ක් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර ඇත
එම පරීක්ෂණවලින් මෙතෙක් ලැබී ඇති ප්‍රතිඵල අනුව ආසාදිතයන් 474 දෙනකු හඳුනාගෙන තිබේ. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමත් අදාල ආසාදිතයන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය උපදෙස් දී ඇත.



