ගාල්ලේ මහින්ද විද්‍යාලයේ හා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පුටු ඉතා ඉක්මණින් වෙනස්වනු ඇතැයි අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා පවසයි.
මහාචාර්ය පෙරේරා මහතා මේ බව ප්‍රකාශකළේ මහින්ද විද්‍යාලයේ සහ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් මේ වනවිට පැතිරයන විවිධ තොරතුරුවල සත්‍ය තත්ත්වය දැනගැනීම සඳහා rata.lk අප ඔහුගෙන් කරන ලද විමසීමක දී ය.
ලේකම්වරයා එහි දී කියා සිටියේ මේ වනවිට දැනට විදුහල්පතිවරු සහ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 171ක් පත්කිරීම සඳහා අදාල ලිපිගොනු රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය සදහා යවා ඇති බවයි. එම ලිපිගොනුවල ඔවුන‍්ට ලකුණු ලබා දී ඇති ආකාරය, සුදුසුකම් සහ ඔවුන් සම්බන්ධයෙන් ඇති විමර්ශන හා චෝදනා යන සියල්ල පරීක්ෂාකිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිසමෙන් පත්වීම් පිළිබඳ අවසන් තීරණය ගනු ඇත. මෙය ඉතා දීර්ඝ ක්‍රියාවලියක් බැවින් යම් ප්‍රමාදයක් තිබෙන බවත් නමුත් ඉක්මණින් අනුමැතිය ලැබෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේ දී පත්ව ආ තිලක් වත්තුහේවා මහතා නාලන්දා විද්‍යාලයට පත්ව යාම පිළිබඳ රිච්මන්ඩ් විද්‍යාලයෙන් විරෝධයක් ගොඩනැගී ඇති බවත් මාස 05ක් ගතවීමට පෙර විදුහල්පතිවරයකු වෙනත් විද්‍යාලයකට යාම සාධාරණ ද යන්න පිළිබඳ විමසූ විට ලේකම්වරයා මෙසේ කීවේය.
“මීට පෙර නීතියක් නොවෙයි රීතියක් ලෙස තිබුණු කරුණක් මුල්කරගෙන පිරිසක් මේ ගැන කතා කරනවා. විදුහල්පතිවරයෙක් අවම වශයෙන් වසර තුනක් හෝ එක පාසලක සිටිය යුතුයි කියලා. නමුත් එවැනි දෙයක් නැහැ. අපි මේ ගැන රාජ්‍ය සේවා කොමිසම සමඟ කතා කළා. ඒ නිසා වත්තුහේවාට නාලන්දයට යාමට බාධාවක් නැහැ. නමුත් අධ්‍යාපන ලේකම් ලෙස මා ඔහු රිච්මන්ඩ් විද්‍යාලයේ සිටීම හෝ නාලන්දයට යාම දෙකම නිර්දේශ කරන්නේ නැහැ. අවසන් තීරණය ගැනීම රාජ්‍ය සේවා කොමිසමේ වැඩක්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. මීට ඉස්සෙල්ලත් විදුහල්පතිවරු පත්කිරීමේ බලය තිබුණේ රාජ්‍ය සේවා කොමිසමට. නමුත් හිටපු අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයෙක් එය තමන්වෙත පවරාගෙන තිබුණා. නමුත් එය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ රාජකාරියක් නොවෙයි. ඒ නිසා මම එය කරන්නේ නැහැ.”
ගාල්ල මහින්ද විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයෙක් දැන් වසර 06කට වැඩි කාලයක් සිට නැත. වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන පවසන්නේ තමන් දැන් මහින්දයට පැමිණ වසර 07ක් බවයි. මහින්ද විද්‍යාලයට විදුහල්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් විමසූ විට අධ්‍යාපන ලේකම්වරයා මෙසේ කීවේය.
“මහින්ද විද්‍යාලයට විදුහල්පති සම්මුඛ පරීක්ෂණයේ දී කෙනෙකු පත්කර තිබෙනවා. ඒ තෝරාගැනීමත් අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවලා තියෙන්නේ. ඒ ගැන අවසන් තීරණය දැනුම් දෙනවා. මහින්ද විද්‍යාලයට එහි ප්‍රජාවට බරපතල ගැටලුවක් තිබෙනවා මහින්ද විද්‍යාලයට වසර 06ක් පමණ ස්ථිර විදුහල්පතිවරයකු නොමැති වීම සම්බන්ධයෙන්. පසුගිය කාලයේ දී ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා වසර 05කට වැඩි කාලයක් ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් එක් පාසලක නොසිටිය යුතුයි කියලා. මහින්දයේ වැඩබලන විදුහල්පති දැන් ඒ කාල සීමාවත් ඉක්මවා තිබෙනවා. ඒ නිසා දැනට සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් විදුහල්පතිවරයා නොමැති වුණත් වෙනත් විදුහල්පතිවරයෙක් ඒ සඳහා වැඩබලන පදනම යටතේ හෝ පත්කරනවා.”
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් පාසල් කිහිපයක ම විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගැටලු සහ චෝදනා තිබෙනබවයි. එක්තරා විදුහලක සිදුවූ අපචාර සිද්ධියක දී විදුහල්පතිවරයාගේ හිතවතකු වන චූදිතයා ආරක්ෂා කිරීමට උත්සාහ ගැනීමක් සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත සොයා බැලීමෙන් පසු තීරණයක් ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
“මම මේ තනතුරට ආවේ කිසිම පෙර බලාපොරොත්තුවක් නැතිව. විශ්වවිද්‍යාලයේ ඉදලා මෙතැනට ඇවිත් මම යම් සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතාමත් කණගාටුයි බොහෝ විදුහල්පතිවරු දේශපාලන බලය භාවිතා කරලා අපිටත් බලපෑම් කරනවා. රිච්මන්ඩ්, මහින්ද නාලන්ද ධර්මාශෝක මාතර රාහුල මේ හැම එකකම ප්‍රශ්න මතු වෙලා තියෙනවා. මේ පාසල් ඉතා ප්‍රබල සම්බන්ධතා ඇති පාසල්. ඒ විතරක් නෙවෙයි ඇතැම් බාලිකා පාසල්වලත් සිංහල මාධ්‍ය වගේම දෙමළ මාධ්‍ය පාසල්වලත් විදුහල්පතිවරු විශාල බලපෑමක් කරනවා. ඇතැම් විදුහල්පති පතිනියන් විශ්‍රාම යන වයස සම්පූර්ණ වුණාම සේවා කාලය දිගු කරගන්න බලපෑම් කරනවා. ඒ කිසිම බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ.” යැයි ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.
ඔහු පවසන පරිදි මහින්ද විද්‍යාලයේ සහ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පුටුවල වෙනසක් ඉතා ඉක්මණින් සිදුවීමට නියමිතය. රාජ්‍ය සේවා කොමිසමෙන් පත්වීම් ලැබෙන දිනයක් ගැන විමසූ විට අමාත්‍යාංශ ලෙක්ම්වරයා කියා සිටියේ එම දිනය ස්ථිරව සඳහන් කළ නොහැකි බවයි.