-2.1 C
New York

ගාල්ලේ එක්තැන්ව සිටි අයෙක් කොරෝනා සෑදී මියයයි

Published:

ගාල්ල මකුළුවේ නිවසක මියගිය 84 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී ඇතැයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක බී.එන්.ජී.කරුණාතිලක පවසයි.

මියගිය දරුවන් 06 දෙනකුගේ පියෙක් වන අතර හෙතෙම වසර කිහිපයක් එක්තැන් වී සිටි අයෙකි. සෞඛ්‍ය අංශ පවන්නේ ඔහුගේ දේහය මිහිදන් කිරීම සඳහා මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයට හෙට දිනයේ ගෙන යන බවයි.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි පවසන්නේ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

Related articles

Recent articles

spot_img