spot_img
spot_imgspot_img

පස්සර බස් අනතුරේ CCTV දර්ශන

පුවත්

විදෙස්

පස්සර දී සිදුවූ බස් රථ අනතුරේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යවෙත නිකුත් වී තිබේ.

මෙම දර්ශන අනුව පෙනෙන්නේ බසය පෙරැළී ගිය ස්ථානයේ මාර්ගයට ගලක් වැටීම හේතුවෙන් කොටසක් අවහිර වී ඇති බවයි. එම ස්ථානයෙන් ගමන් කරන ලොරියක් ගල පෙරැළුණු ස්ථානයේ මාර්ග බාධකය හේතුවෙන් පාරේ දකුණු පැත්තට බරව යන අතර වේගයෙන් පැමිණෙන බසය දකින ලොරි රියදුරා තම රථය නවත්වා ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

බසයට එතැනින් යාමට ඉඩක් නොමැති පැමිණි වේගයෙන් ම ලොරියේ ගැටීම වළක්වමින් බසය වම් පැත්තට බර කිරීමේ දී බසය පල්ලමට පෙරැළෙන අයුරු මෙම දර්ශනවල දක්නට ලැබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ස්ථානයේ පාරට ගල් පෙරැළී මාසයකට වැඩි බවයි. නමුත් ගල් ඉවත්කර නැත.

අනතුරින් මියිගිය පුද්ගලයින් පුද්ගලයන් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 32කි. තුවාලකරුවන් මේ වන විට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බදුල්ල රෝහලේ තුවාලකරුවන් 29 දෙනෙකුත්, පස්සර රෝහලේ තුවාලකරුවන් තිදෙනෙකුත් ප්‍රතිකාර ලබමින් සිටිති. මියගිය පුද්ගලයින්ගේ සිරුරු 14ක් පස්සර රෝහලේ තැන්පත් කර ඇති අතර තවත් එක් පුද්ගලයෙකු බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!