කිසියම් කණ්ඩායමක් විසින් තමන් පැහැර ගත් බව කියන සිද්ධිය අසත්‍යයක් බවත් එය ගෙතූ කතාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව මාධ්‍යවේදී සුජීව ගමගේ පවසයි.
ඔහුගේ පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 18 වැනි දා ප්‍රකාශ කළේය. පැහැර ගැනීමට ලක්වූ බව කියන සුජීව ගමගේ “සියරට” පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අයෙකි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (19) සාධාරණ සමාජයක් උදෙසා වූ මාධ්‍යවේදියෝ නම් සංවිධානයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“රෝහලේ ඉඳලා එළියට එනකොට තමයි. අරගොල්ලෝ මාව අරගෙන දෙමටගොඩට ගෙනිච්චේ. ඊට පස්සේ පැයක් විතර මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ මගේ බිරිඳ ගෙන්නුවා. බිරිඳ ගෙන්නලා. එයා රාත්‍රී 11.30 වෙනකන් ප්‍රශ්න කළා. බිරිඳ පපුවට ගහගෙන අඬන තත්ත්වයට පත්කළා. එයා එළියට යනකොට කිව්වේ වොයිස් කට් දෙන්න එපා ඔයා රජයේ සේවිකාවක්. වොයිස්කට් දීලා තිබුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. අනික ඔයාගේ මහත්තයාට එළියට එන්න හම්බවෙන්නෙත් නැහැ කියලා. එතන ඉඳල නැවත රෑ 2 විතර වෙනතුර මගෙන් එක එක ප්‍රශ්න ඇසුවා,“ යනුවෙන් පහර කෑමට ලක්වූ බව කියන මාධ්‍යවේදී සුජීව ගමගේ පවසයි.
තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වැනිදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට “සියරට“ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු වන 62 හැවිරිදි සුජීව ගමගේ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් කළ පොලිසිය ඊයේ පැවසුවේ, එම සිද්ධිය ගෙතූ එකක් බවයි.
මේ අතර පැහැර ගැනීම සිදුකළ දින නිදහස් මාධ්‍යවේදී සුජීව ගමගේ, චතුර සේනාරත්නගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා ඔවුන් දෙදෙනාට අද දින කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, ඔවුන් අද දින කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ නොසිටි අතර එළැඹෙන සඳුදා දිනයේදී එහි පැමිණෙන බව රාජිත සේනාරත්න මහතා දැනුම් දී තිබේ.