-1 C
New York

ගාල්ලේ නිවසක තනිව සිටි කතක් කොරෝනාවෙන් මරුට

Published:

ගාල්ලේ, ලබුදූව, නිවසේ මියගොස් සිටි කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (19) ලැබුණු පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් වූ අවිවාහක කාන්තාවකි. අක්මීමණ පොලිසිය පවසන්නේ ඇය සිය නිවසේ තනිවම ජීවත්වී ඇති බවයි. ඊයේ (18) එම නිවසේදීම මියගොස් සිටියදී සොයාගත් සිරුර කරාපිටිය රෝහලට ගෙන ඒමෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදනය වී සිටි බවයි.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් ලබාදුන් වාර්තාවට අනුව එය හෘදයාබාධයක් හා කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණයක් බව ගොඩකන්ද හදිසි මරණ පරීක්ෂක තිලක් භාරත ද සිල්වා මහතා විසින් නිගමනය කරන ලදී.

මෙම සිරුර සම්බන්ද ආදාහන කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුකූලව අක්මීමණ, කුරුඳුවත්ත ආදාහනාගාරයේදී අද(19) සවස සිදුකෙරිණ.

Related articles

Recent articles

spot_img