-6.2 C
New York

කරාපිටිය රෝහලට ලේ ඕනෑ. දැඩි ලේ හිඟයක් නිසා රෝගීන් අමාරුවේ

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ දැඩි ලේ හිඟයක් පවතින බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍යව ඇතැයි එම රෝහලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ත්‍රිෂාන්ති වැලිවිටිය පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සංවිධානය නොවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදා වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති අනෙකුත් සියලුම රෝහල්වලට ප්‍රධාන රුධිර සැපයුම් ඒකකය වන්නේ ද කරාපිටිය ලේ බැංකුවයි.

විශේෂඥ වෛද්‍යවරිය පවසන්නේ මේ හේතුවෙන් මාසයකට ලේ පයින්ට් 1500ට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි. නමුත් අද (18) සවස්වන විට කරාපිටිය ලේ බැංකුව සතුව තිබී ඇත්තේ ලේ පයින්ට් 400ක පමණ ප්‍රමාණයක් වන අතර “O” කාණ්ඩයේ රුධිරය නොමැති තත්ත්වයක් ද උදා වී තිබිණි.

ජීවිත බේරාගැනීම සඳහා රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන්ට කරාපිටිය ශික්ෂණ රෝහලේ පිහිටි ලේ බැංකුවට පැමිණ රුධිරය පරිත්‍යාග කිරීමේ අවස්ථාව ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රුධිරය ලබාගන්නා බැවින් කොරෝනා වසංගතය පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු බව ද ලේ බැංකුව පවසයි.

Related articles

Recent articles

spot_img