කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ මාතෘ මරණ වල තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එය වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව 21.5% කෙින් ඉහල ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛය සේවා අඩපණවීම හා ජනතාව සෞඛ්‍ය සේවා ලබාගැනීමට පසුබටවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව එම වාර්තාවේ දක්වා ඇත.
එම වාර්තාව සකසා ඇත්තේ දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ පිළිබඳ කරන ලද සමීක්ෂණයක් ඇසුරෙනි. ඉන් පැහැදිලි වන්නේ කොරෝනා හේතුවෙන් මාතෘ හා ළමා මරණ 239,000ක් පමණ දකුණු ආසියානු රටවල වෙත් වර්ෂවලට වැඩිපුර සිදුව ඇති බවයි.
මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, සහ බංග්ලාදේශය යන රටවල් පදනම් කරගනිමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාවෙන් පවසන්නේ එම රටවල කාන්තාවන්, ළමයින් සහ නව යොවුන් වියේ දරුවන් වැඩිපුරම පීඩාවට පත්ව ඇති බවයි.
ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම පෝෂණ ප්‍රතිලාභ නොලැබීම වැනි තීරණාත්මක කරුණු හේතුවෙන් මෙම රටවල් හය තුළ අවුරුදු පහට අඩු ළමුන්ගේ මරණ 228,000ක් අතිරේකව සිදුව ඇතැයි ඇස්තමේන්තුකර තිබේ.
2020 වර්ෂයේදී ඉන්දියාවේ මාතෘ මරණ අනුපාතය 15.4%කින් ඉහල ගොස් ඇති අතර බංගලාදේශයේ 13%කින් ඉහල ගොස් තිබේ.
මෙම කළාපය පුරා පසුගිය වසරේදී අනවශ්‍ය ගැබ් ගැනීම් මිලියන 3.5ක් පමණ සිදුව ඇති බවත් ඒ අතර යෞවන යෞවනියන් 400,000ක් පමණ සිටින බවත් ගණනය කර තිබේ.
ක්ෂය රෝගය, මැලේරියාව, උණ සන්නිපාතය සහ එච්අයිවී/ඒඩ්ස් රෝග වලට අවශ්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මෙම කළාපයේ නව යොවුන් වියේ දරුවන්ගේ අමතර මරණ 5.943ක් සිදුව ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.
සමස්ථයක් ලෙස දකුණු ආසියාවේ මේ වනවිට කෝවිඩ් රෝගීන් මිලියන 13කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 186,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.