-1.1 C
New York

ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන්ට එරෙහිව ඇමෙරිකාවේ අපරාධ ඉහළට

Published:

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදුවූ වෙඩි තැබීම් වලින් 08 දෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා තිබේ.

මියගිය අයගෙන් වැඩි දෙනකු ආසියානු සම්භවයක් ඇති කාන්තාවන් ය.

පොලිසිය පවසන්නේ ඇට්ලාන්ටා නගරයට උතුරින් පිහිටි ඇක්වර්ත් හි මෙම වෙඩි තැබීම් සිදුව ඇති බවයි.

ඝාතනයට ලක්වූවන්ගෙන් සිව්දෙනකු කොරියානු සභවයක් සහිත බව කොරියාය පවසයි. මෙම වෙඩිතැබීම් සිදුකළ බවට සැකපිට 21 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩිතැබීම් සිදුකිරීමට හේතුව පැහැදිළි නැතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකරන කණ්ඩායම පවසන්නේ වෙඩි තැබීම් තුනම සිදුකර ඇත්තේ එක් පුද්ගයෙකු බවට විශ්වාස කරන බවයි.

මෑත කාලයේදී ඇමෙරිකාවේ සිටින ආසියානු සම්භවයක් සහිත අයට එරෙහි වෛරී සහගත අපරාධ ඉහල ගොස් ඇති අතර කොරෝනා පැතිරවීම සම්බන්දයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වන බවද මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගිය සතියේ පැවති දේශනයකදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ ආසියානු – ඇමරිකානුවන්ට එරෙහිව සිදුවන පහරදීම්, හිරිහැර කිරීම්, දොස් පැවරීම්, පළිගැනීම් ඇතුළු දරුණු වෛරී අපරාධ හෙළා දකින බවයි.

(බීබීසී ඇසුරිණි)

Related articles

Recent articles

spot_img