රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනවශ්‍ය අතපෙවීම් හේතුවෙන් රටේ ප්‍රදාන රෝහල් ගණනාවක පරිපාලනමය ගැටලු රැසක් පැනනැගී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය පවසයි.
කරාපිටිය, මහනුවර,අනුරාධපුරය, ගම්පහ සහ කුරුණෑගල රෝහල් සඳහා මේ වනවිට අධ්‍යක්ෂවරුන් නොමැති තත්ත්වයක් ද උදා වී තිබේ.
මෙම චෝදනාව එල්ල කරන රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය රජයේ වෛදය නිලදාරීන්ගේ සංගමයේ ම ශාකා සංගමයක් වීම විශේෂත්වයකි. ඔවුන් පවසන්නේ රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ අනවශ්‍ය අත පෙවීම් හේතුවෙන් දැනුම සහ සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් වෙත රෝහල් පරිපාලන කටයුතු පැවරී තිබෙන බවයි. එමෙන්ම සුදුසුකම් සම්පූර්ණ කර පරිපාලන කටයුතු සඳහාම විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන්ට එවැනි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් යටතේ සේවය කිරීමට සිදුවීමෙන් අවුල් සහගත තත්ත්වයක් උදාවී ඇති බව ද එම සංසදය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් එම සංගමය විසින් මාධ්‍ය නිවේදනක් ද නිකුත් කර ඇත. එහි මෙසේ දැක්වේ.
“මේ වනවිට අපේ රටේ රෝහල් ගණනාවක පරිපාලන බරපතළ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. විවිධ කණ්ඩායම් විසින් අනවශ්‍ය අත පෙවීම් සිදුකිරීමත් කඹ ඇඳීමේ තත්ත්වයත් මීට හේතු වී තිබෙනවා. ශල්‍ය වෛද්‍ය විෂය සම්න්ධයෙන් විශේෂඥ පුහුණුවක් ලැබූ වෛද්‍යවරයෙක් ළමා රෝග වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ. නමුත් රෝහල පරිපාලනය සම්න්ධ වෛද්‍යවරුන්ට සිදුව තිබෙන්නේ අතිශය කණගාටුදායක තත්ත්වයක්. ඔවුන්ට රෝහල් පරිපාලනය සම්බන්ධ පුහුණුවක් හෝ හැදෑරීමක් නොකළ වෛද්‍යවරු යටතේ සේවය කරන්න සිදුව තිබෙනවා.
1969 වර්ෂයේ පෙබරවාරි 17 දින වෛද්‍ය සේවා ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් විය. එහි සෞඛ්‍ය ආයතන පාලනය සඳහා වෛද්‍ය සේවාව පිළිබඳ තාක්ෂණික හා පරිපානය හැකියාවක් ඇති වෛද්‍ය පරිපාලන සේවය හඳුනාගෙන තිබිණි. 1996 වර්ෂයේ සිට පරිපාලන පශ්චාත් උපාධිධාරීන් බිහි වුවද ඔවුන්ට හිමි තනතුරු නොලැබීම නිසා වරින්වර ව්‍යවස්ථා සංශෝධනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලද නමුත් එය ඉටුවූයේ නැත. එහෙත් වෛද්‍ය පරිපාලකයන් පිරිසක් 2014 වර්ෂයේ දී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත් අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සේවා ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වීම මත එය සමථයට පත් විය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය වරින් වර කමිටු පිහිටුවමින් වෘත්තීය සමිති ඇතුලු සියලු පාර්ශවයන්ට කරුණු දැක්වීම්ට අවස්ථාවක් ලබා දෙන ලදී. 2014 වර්ෂයේදී සීතා විතානාරච්චි කමිටුව පත්කළ අතර වෛද්‍ය සංගමයෙහි නිරීක්ෂණ සාමාජිකයන් විය. 2016 වර්ෂයේ දී ආරියරත්න හේවගේ කමිටුව පත්කළ අතර වෛද්‍ය සංගමයට ලිඛිතව හා හා වාචිකව කරුණු දැක්වීම්ට අවස්ථාවක් ලබා දෙන ලදී. ඒ අනුව වෛද්‍ය සංගමය අවස්ථාවක් ලබා නොදුන් බවට කරන ලද චෝදනා සාමාජිකයන් නොමග යැවීම්කි. අවසානයේ කමිටු නිර්දේශ මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශ ඉදිරිපත් කළ අතර වෛද්‍ය සංගමය විසින් හිටපු ජනාධිපති තුමාට කරුණු දැක්වීම නිසා අමාත්‍ය ලේකම්වරු ගේ ප්‍රධානත්වයෙන් කමිටුව පත් කරන ලදී . එවකට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම ප්‍රධාන කමිටුව පත් කරන ලදී.
එහි ලබාගන්නා නිර්දේශ මත ඉන් පසුව හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් ඇමැති අනුකමිටුවක් පත් කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වගන්ති ප්‍රකාරවව පැවතෙන බලතල පරිදි වෛද්‍ය පරිපාලන උපාධිධාරීන්ට ප්‍රමුඛතාවයක් ලබා දෙන ලෙස ප්‍රතිපත්ති නිර්දේශ වී ඇත. එහෙත් තවදුරටත් කරන ලද අනවශ්‍ය බලපෑම් නිසා නැවත වරක් හිටපු අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් නැවත අමාත්‍ය අනුකමිටුව පත්කළ අතර එහි නිර්දේශ 2018 අගෝස්තු ලබා දී ඇත. එම අමාත්‍ය මණ්ඩලයේ සේවාවන් ද සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇති අතර මෙම නව සංශෝධන ගැසට්ටුව ප්‍රකාශයට පත් කරන ලෙසට රාජ සේවා කොමිෂන් සභා මගින් දන්වා තිබුණේ 2019 පළවෙනි මස 27 වන දිනය.
එහෙත් සිදුවන ප්‍රමාදයන් නිරීක්ෂණය කළ වෛද්‍ය පරිපාලන කිලධාරීන් පිරිසක් අධිකරණය වෙත ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස නව ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාශ කිරීමට අමාත්‍යාංශයට සිදුවිය. මේ අනුව ඉතා දීර්ඝ කාලයක් සාධාරණ ක්‍රමවේදයක් යටතේ නව වෛද්‍ය සංශෝධනය සිදු කර ඇතත් තම පටු අරමුණු ඉටුකර ගැනීමේ අභිලාෂයෙන් සත්‍ය කරුණු වසංකරමින් සාමාජිකයන්ගේ නොමග යැවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළ යුතුව ඇත. තවද තම සංගමයේ සාමාජිකයන් පිරිසක් සාමාජිකත්වය දරන වෛද්‍ය පරිපාලන වෛද්‍ය නිලධාරීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට එරෙහිව මව් සංගමය කටයුතු කිරීම කෙතරම් නම් අසාධාරණයක් ද යන්න විමසිය යුතුව ඇත. තවද ඩිප්ලෝමා පශ්චාත් උපාධි ඇති පරිපාලනය කිරීමට කැමති වෛද්‍ය නිලධාරී සඳහා විශාල ප්‍රමාණය එනම් ඇඳන් සීයකට වැඩි දිස්ත්‍රික් රෝහල් වල ප්‍රධාන වෛද්‍ය නිලධාරි තනතුරු හා විශාල ජන ඝනත්වයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුරු නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන තනතුරු ලෙස ප්‍රතිව්‍යුහ ගත කරන ලෙස දැනටමත් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කර ඇත.
මේ අනුව තම සංගමය සාමාජිකයන් ගෙන් අදහස් නොවිමසා නව ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ප්‍රකාශ පදනම් විරහිත වන අතර සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සහ ඉහළ තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු නව සේවා ව්‍යවස්ථාවට සහයෝගය ලබාදෙනවා වෙනුවට අහිංසක රෝගී ජීවිත බිලිගන්නා වෛද්‍ය වැඩ වර්ජන වලට යොමු නොවන ලෙස රෝහල් පරිපාලකයෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටිති.
අන්තෝ ජටා බහි ජටා..,එල්ටීටීඊ සංවිධානයේ අවසානයෙන් පසුව මෙරට ඉතිරි වූ එකම ත්‍රස්තවාදී සංවිධානය GMOA වේ.
වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය යනු රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් තම බිරිඳ සුජාතා ලවා කරවන ලද නිර්මාණයක් මිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාකා සමිතියක් නොවේ !