-3.7 C
New York

ගාල්ලෙන් තවත් කෙරෝනා මරණයක්. සිරුර මඩකලපුවට යවයි

Published:

ගාල්ල දංගෙදර පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ පිරිමි පුද්ගලයෙකි. ඊයේ (16) සවස හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට ගිය අවස්ථාවේ දී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්වන ලෙස ලැබුණු උපදෙස් අනුව ඔහු රෝහලට ඇතුළත්ව ඇත. ඉන් පසු එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටිය දී රාත්‍රියේ ම මියගියේය. මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනය වී සිටි අයෙක් බවයි.

මෙම සිරුර භූමදානය සඳහා මඩකලපුව ඕට්ටමාවඩි ප්‍රදේශයට ගෙන යන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img