spot_img
spot_imgspot_img

පුවත ඵල දරයි. පොලිසිය වරද නිවැරදි කරයි

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට මාර්ගයේ අටවා තිබූ වැටක් ඉවත් කර මාර්ගය අයිනේ පදිකයන්ට ගමන් කළ හැකි ආකාරයට සැකසීම පිළිබඳ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියට rata.lk අපේ ස්තූතිය පුද කරන්නෙමු.

පොලිසිය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ අයිනේ වාහන නැවැත්වීමට නොහැකි බව දැක්වෙන කහ පැති ඉරක් සටහන් කර ඇතත් පොලිසියට පැමිණෙන ඇතැම් පුද්ගලයන් එම ස්ථානයේ වාහන නවතා තබන බැවින් පොලිසිය විසින් එතැන වැටක් සකසා තිබිණි. මේ වැට මාර්ගයේ ධාවනය කරන වාහනවලට බාධාවක් බවත් එය නීති විරෝධී ඉදිකිරීමක් බවත් අනාවරණය කරමින් rata.lk වෙබ් අඩවිය මගින් පසුගිය මාර්තු 05 වැනි දා “අම්බලන්ගොඩ පොලිසිය කොළඹ පාරෙන් කොටසක් බලෙන් අල්ලාගෙන” යනුවෙන් ලිපියක් පළ කළෙමු.

මේ පිළිබඳ වහාම අවධානය යොමු කළ පොලිසිය මාර්ග නීති ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් වුව ද තමන් විසින්ම සිදුකළ කාර්යයේ යම් වරදක් ඇති බව තේරුම් ගෙන හැකි ඉක්මණින් එය යළි යථාතත්ත්වයට පත්කර තිබේ. දැන් එතැන වැට ඉවත් කර ඇත. වාහන නවතා තැබීමට නොහැකි බවත් එම කොටස පදිකයන් සඳහා වෙන්කර ඇති බවටත් පුවරුවක් ද සවිකර තිබේ.

තම වරද කඩිනමින් නිවැරදි කරගත් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියට අපි අපගේ ස්තූතිය පළ කරන්නෙමු.

මේ සම්බන්ධව අපි මීට පෙර පළ කළ ලිපිය පහතින් දැක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!