spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් සාලි අත්අඩංගුවට

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (16) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ නීතිපතිවරයාගේ උපදෙස්මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

1978 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව ඔහු වරදක් කර ඇති බැවින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් අසාද් සාලි ත්‍රස්තවාදය පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. අසාද් සලි රටේ නීතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!