-3.7 C
New York

පාසල් විෂයට නීතිය එකතු‍ වෙයි ?

Published:

පාසල් විෂය මාලාවට නීතිය විෂයයක් ලෙස ඇතුළත්කිරීමමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මව්ලානා පවසයි.

මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස්කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් ද පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේ දී මෙම අනු කාරක සභාව පත් කෙරිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘතවිශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය යන අය මෙහි සාමාජිකත්වය දරති. 

මෙහි දී අදහස් දක්වමින්  අධිකරණ අමාත්‍ය අලි සබ්රි කීවෙි නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ ගැන මූලික අවබෝධයක්  දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් බවයි.

Related articles

Recent articles

spot_img