-3.7 C
New York

කොරෝනා එන්නත ගත් පුද්ලයාගේ මරණය ගැන පරීක්ෂණ දිගටම

Published:

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පසුගිය 14 වැනි දා මියගිය හෝටල් සේවකයකුගේ මරණය සිදුවූයේ කොරෝනා එන්නත හේතුවෙන් ඇතිවූ බලපෑමකින් ද යන්න සොයාබැලීම සඳහා සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටියේ පදිංචි 40 හැවිරිදි එස්. ශ්‍රීමාල් නමැති අයෙකි. ඔහු කොළඹ හෝටලයක සේවය කරන බැවින් දින 14කට පෙර කොරෝනා සඳහා ලබාදෙන ඔක්ස්‍ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාගෙන තිබිණි. එම එන්නත ලබාගත් දිනයේ පටන් අධික හිසරදය, උණ හා ඇඟපත වේදනාව තිබූ බැවින් හෙ‍ෙතම ඇඹිලිපිටිය රෝහලට ඇතුළත්වී ඇත. ඔහුගේ රුධිර පට්ටිකා ප්‍රතිශතය ද සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ඩෙංගු යැයි ඇතිවූ සැකයක් හේතුවෙන් ඒ සඳහා ද පරීක්ෂණ සිදුකර ඇත. නමුත් ඩෙංගු සඳහා කරන ලද ඇන්ටිජන් හා ඇන්ටිබොඩි පරීක්ෂාකිරීම්ව දී තහවුරු වී ඇත්තේ ඔහුට ඩෙංගු රෝගය වැළදී නැති බවයි.

ඇඹිලිපිටියේ රෝහලේ දී ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකටය පසුගිය 12 වැනි දා ඇතුළත් කර ඇති අතර 14 වැනි දා මියගියේය. ඔහුගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සමාධි දන්දෙණියආරච්චි පවසන්නේ මෙම පුද්ගලයාගේ මොළයේ ලේ ගැලීම් ද සිදුව තිබූ බවයි. ලේ ගැලීම් මරණයට හේතුවක් විය හැකි වුව ද එම ලේ ගැලීම්වලට හේතුවූයේ කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් එන්නතේ යම් තත්ත්වයක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා සිරුරෙන් ලබාගත් පටක සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකිරීමට ද අධිකරණ වෛද්‍යවරියට කටයුතු කර තිබේ.

Related articles

Recent articles

spot_img