spot_img
spot_imgspot_img

කැලෑ පාළුවා බේරාගත් වන ඇමති පොලිසියට කළේ බොරු පැමිණිල්ලක් ද ?

පුවත්

විදෙස්

රාජ්‍ය  අමාත්‍ය විමලවීර දිසානායක තම ආරක්ෂකයන් ද සමඟ අම්පාර මහඔය අඩවි වන කාර්යාලයට පැමිණ එහි නිලධාරීන්ට බැන වැදී තර්ජනය කර ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු මුදාගෙන ගොස් ඇතැයි අඩවි වන නිලධාරීහු කියති.

මහඔය ටැම්පිටිය රක්ෂිතයේ ගස් කිහිපයක් කපා විදුලි කියතකින් එම ගස් කුට්ටිකරමින් සිටිය දී එම සැකකරු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එම තැනැත්තා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඇමතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරමින් සිට ඇති අතර එහි සිටි ප්‍රාදේශීය සභා සභාපතිවරයකු විසින් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇමිතිවරයාට දැනුම් දී ඇත. ඒ සමඟම වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අමාත්‍යවරයා තම ආරක්ෂකයන් ද කැටුව අඩවි වන කාර්යාලයට පැමිණ සැකකරු මුදාගත් බව වන නිලධාරීහු කියති.

සැකකරු මුදාගැනීමට අඩවි වන කාර්යාලයට පැමිණි පිරිස අතර මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිටින බව නිලධාරීහු කියති. එමෙන්ම රාජ්‍ය ඇමැතිවරයා අම්පාර දිසා වන නිලධාරියාට දුරකතනයෙන් බැණ වැදී ඇති බව ද නිලධාරීන් පවසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු අමාත්‍යවරයා ද පොලිසියට පැමිණිල්ක් කර ඇත. එම පැමිණිල්ලේ ඇමතිවරයා සඳහන් කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තමන්ට තර්ජනය කර පහර දීමට උත්සහ කළ බවයි.

මහඔය පොලිසිය සඳහන් කරන්නේ පෙරේදා (13) දිනයේ අමාත්‍යවරයා මෙසේ පැමිණිලි කර ඇති බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!