-3.7 C
New York

රූමස්සල පාරට විරුද්ධ වූ අයගේ සොහොයුරාට පහරදුන් දෙදෙනෙක් රිමාන්ඩ්

Published:

උණව‍ටුනේ පෙට්ටිකඩයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට පහර දී එම කඩයට අලාභහානි කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනකු ලබන 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (15) නියෝග කළාය.

පහර දීමට ලක්වඇත්තේ උණවටුන රූමස්සල කන්දේ පදිංචි සාරංග මධුශාන් (32) නමැති අයෙකි.

පසුගිය 13 වැනි දා රාත්‍රී 12ට පමණ සැකකරුවන් දෙදෙනා ඔහුගේ කඩයට පැමිණ පහර දී අලාභහානි සිදුකර ඇතිබවත් පහර කෑමට ලක්වූ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ගාල්ල වරාය පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වූ පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ රූමස්සල අභයභූමිි ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකිරීමට සැළසුම් කරමින් තිබෙන මාර්ගය‍ට සහයෝගය දෙන ආකාරයෙන් පහරදුන් අයකු සමාජමාධ්‍ය ඔස්සේ පළකළ පුවතකට විදෙස්ගතව සිටින තම සොහොයුරා හිනා මූනක් ඇතුළු කිරීම ගැන කුපිත වී මෙලෙස පහරදීම සිදුකර ඇති බවයි.

Related articles

Recent articles

spot_img