spot_img
spot_imgspot_img

කොළඹ ගින්නකින් නිවාස 50ක් විනාශයි

පුවත්

විදෙස්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ අද (15) අලුයම ඇති වූ ගින්නකින් නිවාස 50ක් පමණ විනාශ වී ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

අලුයම 2.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා පැය දෙකක පමණ කාලයක් ගතවී තිබිණි. ඒ සඳහා ගිනි නිවීමේ රථ 10ක් යෙද වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැත. කජීමා වත්තේ එකිනෙකට යාබදව පිහිටි පැලපත් නිවාස 250ක් පමණ ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!