9.2 C
New York

ගාල්ලෙන් කොරෝනා මරණයක්. මරණයට ‍පෙර ගෙදර දානයක් දීලා

Published:

ගාල්ල ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 88 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා නිවසේ දී අසනීපවීම හේතුවෙන් ‍ඉමදුව රෝහලට ඇතුළත් කර ඇති අර එහි දී මියගොස් තිබේ. මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් එම තැනැත්තා කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහුගේ නිවසේ පසුගිය 13 වැනි දින දානමය පිංකමක් සිදුකර ඇති බවත් එම දානයට සහභාගී වූ සියලු දෙනා ම නිරෝධායනය කිරීමට පියවර ගත් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මියගිය තැනැත්තාගේ එක් පුත්‍රයකු යක්කලමුල්ල පොලිසියේ නිලධාරියෙකි.

එම පුද්ගලයාගේ සිරුර නිරෝධායන නීති අනුව ඊයේ (14) ආදාහනය කෙරිණි.

Related articles

Recent articles

spot_img