දෙනියාය පල්ලේගම පොළේ කරන ලද අහඹූ පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 29 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පොළේ වෙළෙඳාමේ නිරතවූ වෙළෙන්දන් හා පොළට පැමිණි ප්‍රදේශවාසීන් සඳහා මෙම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මේ වනවිට එම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකිරීමටත් කටයුතු කරමින් සිටින බවයි.
පසුගිය දින දෙකක කාලයේ දී මොරවක නගරයේ කරන ලද පීසීආර් පරීක්ණෂවලින් කොරෝනා ආසාදිතයන් 52ක් වාර්තා වූ අතර මේ වනවිට මොරවක හා කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙන් පමණක් පසුගිය දින දෙකක කාලයේ දී ආසාදිතයන් 81ක් වාර්තා වී තිබේ.