spot_img
spot_imgspot_img

මොරවක අවදානම තවත් ඉහළට

පුවත්

විදෙස්

මොරවක නගරයේ ව්‍යාපාරිකයන් හා පදිංචිකරුවන් සඳහා කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද (14) උදෑසන වනවිට 51ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 12 දෙනකු පිළිබඳ වාර්තා ලැබීමෙනි. ඊයේ (13) රාත්‍රීවන විට වාර්තා වී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 39 දෙනෙකි.

මොරවක නගරයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ වනවිට රසායනාගාරයෙන් ලැබීමට ඇති වාර්තාඅතර සැක සහිත බැවින් නැවත පරීක්ෂා කරන වාර්තා රැසක් සහ පීසීආර් පරීක්ෂණය නැවත කිරීමට සිදුවන පුද්ගලයන් රැසක් ද හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ එබැවින් මෙම ප්‍රදේශයේ වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව මීට වඩා විශාල අගයක් ගනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!