spot_img
spot_imgspot_img

වසර 8,000කට පෙර වනයෙන් වැසී තිබූ සහරා කාන්තාරයේ අපූරු කතාන්තරය

පුවත්

විදෙස්

බැලූ බැලූ අත පෙනෙනේ ගහක් කොළක් නැති දැඩි වියළි කාන්තාරයයි. වරින් වර හමා යන වැලි කුණාටු හැර වැසි පොදක් මේ කාන්තාරයට පතිත වන්නේ නැත. ක්ෂේම භූමියක් පෙනෙන තෙක් මානයක නැත.

මේ සහරා කාන්තාරයයි. නමුත් අදින් වසර දහස් ගණනකට පෙර සහරා කාන්තාරය යනු වෘක්ෂලතාදියෙන් පිරී ගිය, විල් හා ගංඟාවලින් පොහොසත්, සතුන් විශාල ප්‍රමාණයකට ආහාර සපයන සුවිසල් විවෘත තෘණ භූමි වලින් යුතු පරිසර පද්ධතියක්ව තිබුණේ යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත.

මේ අපූරු පරිසර පද්ධතියේ ඇන්ටිලොප්ස්, ජිරාෆයන්, හස්ති රාජයන්, කොටි, වලසුන්, සිංහයන්. මුවන්, සීබ්‍රා, රයිනෝ, හයිනා, හිපපොටේමස්, කිඹුලන්, මසුන් සැරි සැරූ බව විශ්වාස කළ නොහැකි සිහිනයක් වැනිය.

අද කාන්තාරයක් බවට පත්ව ඇති සහරාවේ සුන්දර අතීතය එහි ඇති පාෂාණිභූත පොසිලවලින් මනිව අවබෝධ කරගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත්ව සිටිති. ඒ සියල්ලටම වඩා අපූරු සාක්ෂියක් මේ වන සතුන් සිටි කාලයේ ම අතීත සශ්‍රීක සහරාවේ ජීවත් වූ මිනිසුන් විසින් තබා තිබෙන බව ඔබ නොදන්නවා විය යුතුය. වත්මන් ලිබියානු දේශ සීමාව අසළ නිරිතදිග ඊජිප්තුවේ කෙබීර් කඳුකරයේ ඇති ගුහාවක එදා සිටි මිනිසුන් තමන් ජීවත් වූ පරිසරය ගැන අනාගත මිනිසුන්ට දැකගැනීමට සාක්ෂි ඉතිරිකර තිබේ.

1933 ඔක්තෝබරයේ දී හංගේරියානු ගවේෂකයකුවන ලාස්ලේ අල්මේසි විසින් සහරා කාන්තාරයේ ගුහාවක් සොයා ගන්නා ලදී. එය පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ එය ප්‍රාග් ඓතිහාසික මානවයන් දිවිගෙවූ ස්ථානය් බවයි. පුදුමයනම් එහි ගුහා සිතුවම් දක්නට ලැබීමයි. මේ ගුහා සිතුවම් අතර මානව ඉතිහාසයේ එදා මෙදාතුර සොයාගත් සුවිශේෂී වැදගත්කමක් ඇති සිතුවම් කිහිපයක් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකිවිය.

අතීතයේ සිටි මානවයා දියේ පිහිනා යන මිනිසුන්ගේ රූප කිහිපයක් මේ ගුහා බිත්තියේ සිතියම් කර තිබිණි. ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරයක් මධ්‍යයේ තිබී හමුවූ ගුහාවක සිටි අතීත මානවයන් ජලයේ පිහිනා යන මිනිසුන් සිතුවම් කළේ කෙසේ ද යන්න සැමට ගැටලුවක් විය මෙහි තිබූ පිහිනන මිනිසුන්ගේ සිතුවම් නිසාම එය පිහිනුම් ගුහාව ලෙස නම් කෙරිණි.

පුරාවිදයාඥයන්ගේ තක්සේරුව අනුව මේ සිතුවම් අදින් වසර 8,000කට පමණ පෙර නව ශිලා යුගයේ දී නිර්මාණය කරන ලද ඒවා බව තහවුරු කර ගැණිනි. පිහිනන මේ මිනිසුන්ගේ සිතුවම් ජීවිතයේ සැබෑ නිරූපනයක් බව එම සිතුවම් පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ ලාස්ලි අල්මාසි තම පර්යේෂණ කෘතියේ සඳහන් කර ඇත. එයින් තහවුරු වන්නේ සහරා කාන්තාරය අදින් වසර 8,000කට පමණ පෙරාතුව ඉතා හොඳින් ජලය පිරුණු ගංගා, ඇළ දොළ සහ විල් ඇතුළු ජලජ පරිසරයෙන් බහුල ප්‍රදේශයක් වී තිබූ බවයි. මේ බව පොසිල සාධක අනුව ද තහවුරු වී තිබේ.

ඉතා සෞම්‍ය තෙත් සදාහරිත පරිසරයක සිට සහරා ප්‍රදේශය කාන්තාරයක් දක්වා පරිවර්ථනය වී තිබේ. මේ දේශගුණික විපර්යාසය සුළුපටු දෙයක් නොවේ.

මෙය විශ්වාස කළ නොහැකියැයි බොහෝ දෙනා සිතන දෙයකි. නමුත් 20 වැනි සියවසේ දෙවන භාගයේ දී මේ පිළිබඳ වැඩිදුර සාක්ෂි සොයාගත හැකිවිය. මෙවැනි විපර්යාසයක් සිදුවන ප්‍රදේශයක් ලෙස උපනිවර්තන උතුරු අප්‍රිකාව ද සැළකේ. අපිකාව ද අදට වඩා මීට මෙර තෙතමනය වැඩි පරිසරයන්ගෙන් යුක්තව තිබිණි.

අදින් වසර 6,000ත් 5,000ත් අතර කාලයකට පෙර දේශගුණය වෙනස්වීමට පටන් ගෙන ඇත. ගස් වැල් විනාශ වී ගියේය. ගංඟා ඇළ දොළ වියළී ගොස් විල් පවා හි‍‍ඳෙන්නට විය. වේලී කරකුට්ටන් වී ගිය විල්වලින් වැලි ගසාගෙන යන ලදී. සහරා වියළී ගිය විට මිනිස්සු නයිල් ගඟට ගියහ.

පුරාණ ඊජිප්තුවේ පාරාවෝ සහ පිරමීඩ සහිත සමාජය අවසානයේ දී මෙම දේශගුණික සරණාගතයන් විසින් සකස් කරන ලදී.

1920 දශකයේ අග භාගයේ දී සහ 1930 මුල් භාගයේ දී ලිබියානු කාන්තාරයට පිවිසියේ ගවේෂකයන් ඉතා සුළු පිරිසකි. 1932 දී ලෙස්ලි අල්මේසි බ්‍රිතාන්‍ය ගවේෂකයන් තුන් දෙනකු සමඟ සුප්‍රසිද්ධ සර්සුරා “කුරුල්ලන්ගේ ක්ෂේම භූමිය” සොයා ගැනීමට ගවේෂණයක නිරතවිය. මිනිසුන් ඔවුන් සමඟ ගුවන් යායනයක් රැගෙන ගොස් කාන්තාරය අහසේ සිට පරීක්ෂා කරමින් සිටිය දී උතුරු ගිල්ෆ් කේබීර්හි සැඟවුණු නිම්න තුනක් සොයා ගත්හ. කෙසේ වෙතත් නිම්නයේ පත්ල දක්වා ළඟාවීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය.

1933 දී අල්මේසි තවත් ගවේෂණ චාරිකාවක නිරත වූ අතර මෙවර ප්‍රකාට ජර්මානු විද්‍යාඥවරියක වූ ලියෝ ෆ්‍රොබෙනියස් සමඟ එක්ව ව්‍යාකූල නිම්නවලට ඇතුළුවීමට සමත්විය. ලොස්ලි අල්මේසි වඩි සෝරා හි පිහිනුම් ගුහාව ඇතුළු ප්‍රාග් ඓතිහාසික පාෂාණ කලා ස්ථාන බොහොමයක් සොයා ගත්තේ එවැනි ගමන්වල දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!