-3.9 C
New York

කොරෝනා ‍තවත් රැල්ලක අවදානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Published:

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොරොනා වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

ඇය පවසන්නේ කොරෝනා සෑදී සුව වී සිටි පුද්ගලයෙකුට වුව ද දකුණු අප්‍රිකානු වෛරසය ආසාදනය විය හැකි බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පද්මා ගුණරත්න මෙසේ ද කීවාය.

“මේ වෛරසය නිසා කොරෝනා පැතිරීමේ වේගය වැඩි වුණොත් එහෙම අපිට සෑදෙන රෝගීන් ප්‍රමාණය වැඩිවෙලා ලංකාවේ අලුත් රැල්ලක් ඇතිවෙන්න පුළුවන් දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලංකාවේ පැතිරුණොත් අසාධ්‍ය වෙන ප්‍රවණතාවයත් වැඩිවෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක අවශ්‍යතාවයත් වැඩිවෙනවා වගේ ම ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණයත් වැඩිවෙනවා. දැනට නම් ඇවිල්ලා තියෙන එක නිරෝධායන මධ්‍යස්ථානයක නිසා මේක රට තුළට ආවා කියන්න අපිට කොහෙත්ම හේතුවක් නෑ.“  

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය පද්මා ගුණරත්න පවසා සිටියේ, “දකුණු අප්‍රිකානු ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් -19 රෝගය නිසා ඇති වෙන අපේ ඇඟේ ප්‍රතිදේහවලින් මැඩපවත්වන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා දැනට කෝවිඩ් සෑදුන පුද්ගලයින්ට දකුණු අප්‍රිකානු ප්‍රභේදය නිසා යළි රෝගයට ගොඳුරුවීමේ හැකියාවක් තියෙනවා.” යනුවෙනි.

මේ අතර අදාළ වෛරස ප්‍රභේදය පාලනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රමාණවත් නොවන බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කළාය. 

Related articles

Recent articles

spot_img