බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බවත් එය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර මුණසිංහාරාමයේ දී අද (13) පැවැති උත්සවයක දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
බුර්කාව ජාතික ආරකෂාවට තර්ජනයක් බැවින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ බව ඇමතිවරයා කීවේය. එමෙන්ම මද්‍රසා පාසල් දහසකට වඩා ප්‍රමාණයක් මෙරට පවතින බවත් එබැවින් එම පාසල් ද තහනම් කරන බව ඇමතිවරයා කීවේය. ආගමික අන්තවාදීන් විසින් කාලයක සිට බුර්කාව පැළඳිය යුතු බවට වන සම්ප්‍රදාය ගෙනවිත් ඇති බවත් ඊට පෙර මෙරට මුස්ලිම් කාන්තාවන් එවැනි බුර්කා පැළඳීමක් සිදුනොකළ බවත් අමාත්‍යවරයා කීවේය. මද්‍රසා පාසල්වල ද නියාමනයක් නොමැතිවීම බරපතල ගැටලුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වයස අවුරුදු 5-16ත් අතර සෑම දරුවෙක් ම ජාතික අධ්‍යාපන ක්‍රමයට අනුව පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය බවත් හෙතමෙ පවසයි.
අන්තවාදයට හේතුවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇති හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.