කොරෝනා ආසාදනය වී හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්ගස්ඕවිට වෙනිවැල්කොළ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති යටිපව්වේ වජිරඥාන හිමියෝ ඊයේ (12) අපවත්වූහ.
කොරෝනා වැළඳීමෙන් අපවත්වූ පළමු හිමිනම උන්වහන්සේ බව සෞඛ්‍ය අංශ පවසයි.
කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට පසුගිය 08 වැනි දා අතුළත් කරන ලද වජිරඥාන හිමියන් එහි දී පීසීආර් පරීක්ෂණයක් කර ඇති අතර උන්වහන්සේට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එමගින් තහවුරු කෙරිණි. ඉන්පසු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට 10 වැනි දා ඇතුළත් කර ඇති අතර ඊයේ 12 අපවත් වූ බව හෝමාගම මූලික රෝහල සඳහන් කරයි.
එම හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව වෑතර ආදාහනාගාරයේ දී ඊයේ සවස ම සිදුකෙරිණි.