හීලෑ අලි ප්‍රමාණවත් තරම් නොමැති බැවින් මෙරට පෙරහැර පැවැත්වීමේ ගැටලු මතුව ඇතැය හිමිවරු පිරිසක් ජනාධිති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යබව ද මේ හිමිවරු දන්වා ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී එම කරුණු සාකච්ඡා කළ බවයි.
80 දශකය වනවිට ශ්‍රී ලංකාවේ හීළෑ අලි ඇතුන් 300ක් පමණ සිටි බවත් මේ වනවිට එම සංඛ්‍යාව 107 දක්වා අඩුවී ඇති බවත් හිමිවරුන් පෙන්වා දී ඇතැයි මාධ්‍ය ඒකකය පවසයි. ඒ අලි අතරින් ද 80 දෙනකු පමණ වයස අවුරුදු 50 ඉක්මවූවන් බව ද පවසා ඇත.
ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටින අලි පැටවුන් ඇල්ලීමේ ජාවාරමක් කළක සිට මෙරට ක්‍රියාත්ක වූ අතර ඊට එරෙහිව තදින් නීති ක්‍රියාත්ක වීම හේතුවෙන් එම ජාවාරම තරමක් දුරට අඩුවිය. අලි ඇල්ලීමේ ජාවාරමේ යෙදී සිටි බව බෞද්ධ භික්ෂූන් වහන්සේනා කිහිප දෙනකුට ද චෝදනා එල්ල විය. ඇත් අතුරු සෙවණ සහ පින්නවල අලි අනාථාගාරවල සිටින අලි ඇතුන් කිහිප දෙනකු ද විවිධ විහාරස්ථානයන් සඳහා පූජා කෙරුණු අතර පරිසරවේදීන් දිගින් දිගටම කියා සිටියේ එම අලි වද හිංසාවට ලක්වන බවයි.