spot_img
spot_imgspot_img

ඇළවී ඇති අයුරින් සෑදූ ‘ඇල්ටෙයාර්’ අද විවෘත වේ (ගොඩනැගිලේ වීඩියෝවක් ඇත)

පුවත්

විදෙස්

කොළඹ ඉදිකරන ලද ගොඩනැගිලි අතර සුවිශේෂී නිර්මාණයක් වන ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කිරීමට නියමිතය. ගංගාරාම සීමාමාලකයට ආසන්නයේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල කුළුණු දෙකක් ලෙස ඉදිකර එක් කුළුණක් ඇළවී අනෙක් ගොඩනැගිල්ල හා ස්පර්ශවන ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයකි. එබැවින් මෙය ඇලවුණු ගොඩනැගිල්ල ලෙස හඳුන්වයි.

මෙය ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියකි. 

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියලු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණි.

මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ.

මාදිලි 04කින් ඉදිකර ඇති අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල  සමන්විත වේ. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී. මෙහි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් ඇත. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

සින්නක්කර විකුණුම් පදනම් මත ලබා දෙන නිවාසවල මිල පිළිබඳව තවමත් අවසන් නිගමනයකට පැමිණ නැති බව ආයෝජන සමාගම පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයිති 99 අවුරුද්දකට බඳු ගනු ලැබූ මෙම ඉඩමේ හිමිකම හැර සියලු ඉදිකිරීම්, මිල තීරණය කිරීම, මුදල් ලබාගැනීම, පවත්වාගෙන යන විකුණුම් මිල තීරණය කිරීම ඇතුළත් සියලු අයිතීන් ඉඩමේ ආයෝජකයා වන ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සතු වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයාට දේශීය සහ විදේශීය ආයතන මඟින් උපදේශන ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!