-0.1 C
New York

මුදල් රැගෙන ගිය රථයට වංගුව අමතක වී පෙරැළේ (වීඩියෝ)

Published:

හැටන් ප්‍රදේශ‍යේ පුද්ගලික බැංකුවක ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කර නැවත යමින් තිබූ කැබ් රථයක් වටවල දී මාර්ගයෙන් ඉවතට පැන ඊට පහළින් ඇති වෙනත් මාර්ගයකට වැටෙන ආකාරය CCTVවල සටහන්ව ඇත.

ඊයේ (11) සවස මෙම රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන හන්දියට ආසන්න ප්‍රදේශයේ වංගුවක දී බස් රථයක් පසුකර යාමට උත්සා ගනිද්දී මාර්ගයෙන් ලිස්සා ගොස් පහළින් තිබූ මාර්ගයට පතිත වී තිබේ.

පොලිසිය පවසන්නේ මුදල් තැන්පත්කිරීමෙන් පසු මෙම රථය මහනුවර දක්වා ධාවනය වෙමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නැත.

Related articles

Recent articles

spot_img