එංගලන්තයට යැවීම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකාවට ආවේණික මතස්‍ය විශේෂයක කිලෝ 60කට වැඩි ප්‍රමාණයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව අවට නොගැඹුරු මුහුදේ කොරල්පර අතර ජීවත්වන “තබුවා” නමැති මෙම මත්ස්‍ය විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බැවින් ඇල්ලීම, විකිණීම, ප්‍රවාහනය, සන්තකයේ තබාගැනීම සහ අපනයනය තහනම් කර තිබේ. රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ අංශය පවසන්නේ මෙම අපනයන සමාගමේ අධ්‍යක්ෂවරයකුගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ද ලබාගත් බවයි.
මේ වනවිට මත්ස්‍ය තොගය රාජසන්තක කර ඇති බවත් නීතිමය පියවර ගනිමින් සිටිනා බවත් රේගුව පවසයි.