spot_img
spot_imgspot_img

උපවාස කළ ගොවීන් රෝහලට යවයි

පුවත්

විදෙස්

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ආරම්භ කළ මාරාන්තික උපවාසයට එක්වු ගොවීන් තිදෙනා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

ඊයේ (10) සවස උපවාසය අවසන් කෙරුණු අතර, රාත්‍රී 7.00ට පමණ එම ගොවීන් තිදෙනා සූරියවැව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබිණි.

වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නිලධාරීන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා හරහා විරෝධතාකරුවන්ට සිය ඉල්ලීම වූ අදාළ ගැසට් පත්‍රය මසක් ඇතුළත නිකුත් කරන බවට ඊයේ දැනුම් දීමෙන් පසු එම මරාන්තික උපවාසය අවසන් කෙරුණි.

මාරාන්තික උපවාසය අවසන් වුවද ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ගොවිසංවිධාන නියෝජිතයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!