spot_img
spot_imgspot_img

කොරෝනා එන්නත හොරට දුන් දොස්තරට පරීක්ෂණයක් ?

පුවත්

විදෙස්

කොරෝනා එන්නත ලබාදීම පිළිබඳ රජයෙන් ලබාදුන් මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් එම එන්නත ලබාදුන් වෛද්‍යවරයකු පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ගාල්ල මහා නගර සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඊයේ (10) පැවැති ගාල්ල මහ නගර සභාවේ මාසික රැස්වීමේ දී ඒකච්ඡන්දයෙන් සම්මත විය.

මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ නාගරික මන්ත්‍රී එම්.ඒ.සිරිමල් මහතා විසිනි. ඔහු එම යෝජනාවෙන් සභාවට දැනුම් දී තිබුණේ මෙම වෛද්‍යවරයා එන්නත අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල වාර්තා පළවීම පිළිබඳ ගාල්ල නාගරික ජනතාව අප්‍රසාදය පළකරමින් මහජන නියෝජිතයන්ගෙන් පවා ප්‍රශ්න කරන තත්ත්වයක් උදාවී ඇති බවයි.

එබැවින් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, සෞඛ්‍ය ඇමතිවරියගෙන්, දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින ලෙසත් ඊට අමතරව මේ පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙන් ද පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතු බව එම යෝජනාවේ සඳහන්විය.

සුනිල් ගමගේ මන්ත්‍රීවරයා (ජනතා විමුක්කිති පෙරමුණ)

“නගර සභාවේ එන්නත ලැබීම අත්‍යාවශ්‍යම අයටත් එන්නත නොදී මෙය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපි දැඩි විරෝධය සහ අප්‍රසාදය පළකරනවා. මේ ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුයි.”

මෙත්සිරි ද සිල්වා (එක්සත් ජනතා නිදහස් සන්ධානය) 

“ආරක්ෂක නිලධාරීන්ට මේ එන්නත ලබාදෙන්න කියලා අපි පුද්ගලිකව ම ඉල්ලා සිටියා. නමුත් තවමත් දීලා නැහැ. පිට අයට ‍එන්නත හොර පාරෙන් ලබා දී තිබෙනවා. මෙයට වගකිව යුතු වෙන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය.” 

නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා, 

“නගර සභාවේ එන්නත ලබාදිය යුතු සේවකයන්ටත් නොදී පුද්ලික රෝහල්වලටම ගිහින් එන්නත් ලබා දී තිබෙනවා. මේ ගැන මාධ්‍යවලත් තොරතුරු පළවුණා. එන්නත අවභාවිතා වෙලා කියලා ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. ඔවුන් අහන්නේ මේ එන්නත ජනතාවට දෙන්නේ කවදද කියලා. අපේ සනීපාරක්ෂක කම්කරුවන්ට එන්නත දෙන්න කිව්වාම එයාලට කියනවවා උණවටුනට එන්න, දංගෙදරට එන්න කියලා. නමුත් පුද්ගලික රෝහල්වලට ගිහින් විදිනවා. ඒ වගේම මේ එන්නත දීමේ නිර්ණායක උල්ලංඝනය කරමින් දී තිබෙන්නේ. මෙය ඉතාමත් කණගාටුවට කරුණක්. මේ වගේ දෙයක් අහන්න ලැබුණේ ගාල්ලෙන් විතරයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!