spot_img
spot_imgspot_img

නකල්ස් රක්ෂිතයත් එනසාල් වගාවට

පුවත්

විදෙස්

නකල්ස් රක්ෂිතයේ තෝරාගත් ප්‍රදේශවල එනසාල් වැවීම සඳහා ඉඩදීමට තීරණය කළ බව කුඩා වැවිළි ‍භෝග ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

මෙම අවසරය ලබාදෙන්නේ මීමුරේ ගම්වැසියන්ට බව ද හෙතෙම පවසයි. ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මීමුරේ ගම්මානයේ කළ චාරිකාවකින් පසු රත්නපුරයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා‍ මේ බව කියා සිටියේය.

වෙළඳපොලේ එනසාල් කිලෝවක සිල්ලර මිල රුපියල් 20,000 ඉක්මවා ඇත. එනසාල් ආනයනය නොකිරිමත් රටතුල එනසාල් නිෂ්පාදනය අඩුවිමත් නිසා මෙවැනි මිලක් නියම වී ඇත.

මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දි සහන ඉල්ලා සිටි බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එසේම තමන්ගේ ප්‍රධාන ආර්ථික වැවිල්ලක් වු ගම්මිරිස් සඳහා ද නිසි මිලක් මෙන්ම වැඩි අස්වනු වැඩි ප්‍රභේද සහ වගා සහන ඉල්ලා ඇත.

ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් මීමුරේ ගමට ගියේ මේ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම් දීමක් අනුව බවයි.

මීමුරේ අවට ඒ ගම්වැසියන් මීට පෙර එනසාල් වගා කළ සහ අස්වනු නෙලු දැනට නක්ල්ස් රක්‍ෂිතයට අයත් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්‍ෂිතවලට ඇතුළු වී එනසාල් අස්වනු නෙලීමටත්, වනාන්තරයට හානි නොවන අන්දමින් එනසාල් වගාව රක්‍ෂිත තුළ සිදුකිරිමටත් එකඟත්වයකට පැමිණි බවද ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා කීවේය.

එනසාල් වගාව සඳහා අවසර ලැබෙන්නේ  මීමුරේ ජනතාවට පමණක් බවත් වෙනත් ප්‍රදේශවල ජනතාවට එනසාල් වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලුවිමට අවසරයක් නැතිබවද ඇමතිවරයා අවධාරණය කළේය. වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලුවන මීමුරේ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කිරිමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකසනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මීමුරේ කයිකාවල විද්‍යාලයේදී සහ මීමුරේ කනිෂ්ඨ විද්‍යාලයේ මීමුරේ ජනතාව හමුවී නව වැඩපිළිවෙල දැනුවත් කළ බවද හෙතෙම පවසයි. මීමුරේ නිෂ්පාදනය කරන ගම්මිරිස් කුළුබඩු සංස්ථාව හරහා ඝෘජුව මිලදී ගැනීමටත් ඒවා මීමුරේ නිෂ්පාදන නමින් වෙළඳපොළට නිකතුත් කිරිමටත් ජනාධිපතවරයාගේ උපදෙස් අනුව ක්‍රියාකරන බවද ඔහු පැවසුවේය. ඒ නිසා වෙනත් ගම්වල ජනතාව මීමුරේට සිය ගම්මිරිස් අස්වැන්න ගෙනවිත් අලෙවි කර මේ වැඩපිළිවෙළ කඩාකප්පල් නොකරන්නැයි ද දැනුම්දුන් බවද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!