spot_img
spot_imgspot_img

ගාල්ල දිසාපති වනජීවී හා වන සංරක්ෂණ ලේකම් ධූරයට

පුවත්

විදෙස්

ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇඹිලිපිටිය මහ විද්‍යලයෙන් මුලික අධ්‍යාපනය ලැබු සෝමරත්න විදානපතිරණ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවෙිදි උපාධිය ලබාගත් අයෙකි.

දසවසරක කාලයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇති ඒ ඔහු 1995 වසරේදි ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වි ඇත. කොලොන්න, පැල්මඩුල්ල ඇඹිලිපිටිය සහකාර යන කොට්ඨාසයන් හි සහකාර ලේකම් ලෙස රාජකාරි කල හෙතෙම රත්නපුර දිස්ත්‍රික් අතිරේක දිසාපති සහ වැඩබලන දිසාපතිවරයා වශයෙන් ද සේවය කර ඇත. 2001 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද, 2009 වසරේදි ක්‍රිඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන්ද සේවය කල සොමරත්න විදානපතිරණ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් සේවය කර දිසාපතිධූරයකට පත්වූයේ වව්නියාව දිස්ත්‍රික්කයේය. ඉන් පසු 2018 ජූලි 09 වැනි දා සිට ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජකාරි කළේය.

ජාතින් අතර එකමුතු කම සහ ආගමික සංහිඳියාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ‍සෝමරත්න විදානපතිරණ වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේ දී කරන ලද ආගමික උත්සව බොහෝ දෙනකුගේ පැසසුමට ලක්ව තිබිණි.

(ඡායාරූපය – ගාල්ල දිස්පාති ධූරයේ වැඩභාරගත් අවස්ථාව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!