-1.1 C
New York

සිරියාවේ ජනාධිපති බිරියට කොරෝනා

Published:

සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් මහතාට සහ ඔහුගේ බිරිඳ අස්මා මහත්මියට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.

දෙදෙනාම සුළු රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසු පරීක්ෂා කළ බවත් එහිදී ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වූ බවත් වෛද්‍යවරු පවසති.

ජනාධිපතිවරයා සහ බිරිඳ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන් සිය නිවසේ හුදකලාව සිටිමින් රාජකාරි කටයුතු වල නිරත වන බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ. අස්මා මහත්මිය, 2019 වසරේදී ඇතිවූ පියයුරු පිළිකාවකින් සම්පූර්ණ ලෙස සුවය ලබා සිටින බවද පැවසේ.

පෙබරවාරි මස මැද සිට සිරියාවේ වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහල ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට සිරියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 15,981ක් වන අතර මරණ 1,063ක් සිදුවී තිබේ.

කොරෝනා රෝගීන් 10,374ක් සුවය ලබා ඇත. 

සිරියාවේ දශකයක පමණ කාළයක් තිස්සේ පැවති යුද්ධයෙන් සිය දහස් ගනනක් ජනතාව මියගිය අතර මිලියන ගනනාවක ජනතාවට උන්හිටිතැන් අහිමි විය. කෙසේවුවද රුසියාවේ සහ ඉරානයේ ආධාරයෙන් රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් ඇත.

https://www.reuters.com/article/us-health-coronavirus-syria-assad/syrias-assad-and-his-wife-test-positive-for-covid-19-idUSKBN2B018K

Related articles

Recent articles

spot_img