5.3 C
New York

බජිරි කෑ අතීතය ඇමති බන්දුල මතක් කරයි. මාධ්‍යට තරහ පෙන්වයි (වීඩියෝ)

Published:

දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්ත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන අද මාධ්‍යයට කීවේය. ඔහු පවසන්නේ ඒ ගැන ජාවාරම්කාරයන්ට ප්‍රශ්න තිබුණ ද ජනතාවට ප්‍රශ්නයක් නැති බවයි. කව්පි මුං ඇට වැනි ද්‍රව්‍ය ගෙන්වීම නවතා ඇත්තේ දේශීය ගොවියා ගැන සිතා බවත් සතොසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩු මිලට ඇති බවත් හෙතෙම පවසයි.

කොරෝනා වසංගතය නිසා වත්මන් වෙළඳපළ තත්ත්වය දෙවැනි ලෝක යුද සමයටත් වඩා බරපතල ලෙස විනාශ වී ඇතැයි ද ඔහු සඳහන් කළේ.

මේ අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් සම්බන්ධයෙන් ඇමති බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට කෝපයට පත් ඔහු ජාවාරම්කාරයන්ගේ කොන්ත්‍රාත් ඉටු කරන්න එපායැයි මාධ්‍යවේදීන්ට කියිමින් එතැනින් ඉවත්ව ගියේ මාධ්‍යවේදීන් දෙස ආපසු වරින් වර හැරී බලමිනි.

‍අමාත්‍යවරයාගේ ප්‍රකාශය හිරු නාලිකාවේ විකාශය වූ ආකාරය මෙහි දැක්වේ.

Related articles

Recent articles

spot_img