5.3 C
New York

යාපනය චෙම්මිණි සුසානභූමියෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

Published:

යාපනයේ චෙම්මිණී සුසානභූමිය අසළ බෑගයක දමා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලේ 02ක් හා ඩෙටනේටර් අද (08) සොයාගත් බව යාපනය පොලිසිය පවසයි.

මෙම ස්ථානයේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යුද හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය අදාළ ස්ථානයට ගොස් සිදුකරන ලද පරීක්ෂාවක දී චෙම්මිණි සුසානභූමියට පිවිසෙන දොරටුව අසන්නයේ තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය සහිත පොලිතීන් මල්ල සොයාගන්නා ලදී.

එය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02ක්, සේවානූල් මීටරයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 02ක් හමුවී ඇත.

සොයාගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය අදාල ස්ථානයට රැගෙන ආවේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිිබඳවත් රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳවද ආරක්ෂක අංශ විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

Related articles

Recent articles

spot_img