5.3 C
New York

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කරයි ද ?

Published:

2020 වර්ෂයේ අධ්‍යාපන පොදු සහති පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 10 වැනි දින අවසන් වූ විට සිසු සිසුවියන් සමාකාමී ලෙස විසිර නොගොස් කළහකාරී අයුරින් හැසිරෙන්නේ නම් විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලුම මාධ්‍ය ආයතන වෙත මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර 1968 අංක 25 දරන විභාග පනත යටතේ මෙම ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විභාග මධ්‍යස්ථානයේ දී හෝ එම පරිශ්‍රයේ දී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට හානි  සිදුකළහොත් හෝ දැඩි දඬුවම් පමුණුවන බවයි. ඒ අනුව විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට ද කටයුතු කළ හැකියැයි දන්වා ඇත.

මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් මේ වනවිටත් සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත ලබා දී ඇති අතර සියුල පොලිස් ස්ථානාධිපතිවරු ද දැනුම්වත් කර තිබේ. එමෙන් ම විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර සේවාවන් ද ක්‍රියාත්මක කර ඇත.

(එම නිවේදනය සම්පූර්ණයෙන් ම පහතින්)

Related articles

Recent articles

spot_img