4 C
New York

නිලධාරීන්ට කෝටි 800ක් දීලා. සංවර්ධන ව්‍යාපෘති කොට උඩ

Published:

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අතිරේක කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් කෝටි 800ක් පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවක් පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශය මේ බව කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙමින් පවසා ඇත්තේ සංවර්ධන ව්‍යාපෘතිවලට අතිරේක කාර්ය මණ්ඩල යොදවනු ලබන්නේ අපේක්ෂිත කාල සීමාවක දී එම ව්‍යාපෘති සාර්ථකව නිමකිරීමේ අපේක්ෂාවෙන් වුව ද එවැනි සාර්ථකත්වයක් ලැබී නැති බවයි.

පසුගිය 2020 වර්ෂ‍යේ දී රුපියල් කෝටි 100ක් ඉක්මවන මහා පරිමාන ව්‍යාපෘති 289ක් අමාත්‍යාංශ 40ක් යටතේ ක්‍රියාත්මක කර ඇති අතර එම ව්‍යාපෘති සඳහා 2020 වර්ෂයේ දී වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි 71,000කි. ඉන් රුපියල් කෝටි 800ක් එම ව්‍යාපෘති සඳහා බඳවාගන්නා සහ අනුයුක්තකරන කා‍ර්ය මණ්ඩල නඩත්තුව සඳහා වැය කර ඇත.

මුදල් අමාත්‍යාංශය පෙන්‍වා දෙන්නේ ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් රාජ්‍ය ආයතනවලින් ලබාගත යුතු අනුමැතිය ප්‍රමාදවීම ද එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී ඇතැයි ද මුදල් අමාත්‍යාංශය පෙන්වා

Related articles

Recent articles

spot_img