spot_img
spot_imgspot_img

පළාත් සභා රෝහල් සියල්ලත් රජය යටතට ?

පුවත්

විදෙස්

දැනට පළාත් සභා යටතේ පාලනයවන රෝහල් සියල්ල ඉන් ඉවත්කර රජයට පවරාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එකඟතාව පළකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා පළාත් සභා ව්‍යවස්ථා ස‍ංශෝධණ කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළකර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසන්නේ පළාත් සභා යටතේ පවතින රෝහල්වල ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අග්‍රාමාත්‍යවරයා මෛවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට එකඟවූ බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ සෞඛ්‍ය ‍ක්ෂේත්‍රය රජය යටතේ පවත්වාගෙන යාමේ වැදගත්කම මෙන් ම පළාත් සභා යටතේ පවතින රෝහල්වල ඇති ප්‍රශ්න පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අගමැතිවරයාට පෙන්වදුන් බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාතතුළ පිහිටි රෝහල්වලට විශේෂඥ වෛද්‍යවරු පත්කිරීම ගැටලුවක් වී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. මේ තත්ත්වය හේතුවෙන් ග්‍රාමීය රෝහල්වලට පැමිණෙන ජනතාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබාගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!